FAQ
අමතන්නට පෙර
නිතර නැගෙන ගැටළු
01. ව්‍යාපෘති යෝජනාවක් සම්පාධනය සඳහා ඔබගේ උපදේශන සේවා සහය ලබාගත් විට, මා වෙත ලැබෙන ලිපි ලේඛන මොනවාද?
ඔබ විසින් සියලු ගෙවීම් සම්පූර්ණ කල පසු, ව්‍යාපෘති යෝජනාවේ ඉලෙක්ට්‍රොනික පිටපතක් MS Word docx සහ pdf යන ගොනු ආකෘති දෙකෙන්ම ඔබවෙත ලබාදෙනු ඇති අතර ව්‍යාපෘතිය සඳහා අප විසින් සම්පාධිත යෝජිත අයවැය MS Excel spreadsheet ගොනුවක් ලෙස ව්‍යාපෘති යෝජනා සම්පාධනය සඳහා වූ ගෙවීම් ඇතුලත් ඉන්වොයිස් එකක pdf ගොනුවක් ද සමග ඔබට ලබාදෙනු ඇත.
02. ඩොකියුවිස් උපදේශන සේවාව ලබාගැනීම පිළිබඳ හෝ ව්‍යාපෘති අදහස පිළිබඳ මගේ තීරණය වෙනස් වුවහොත් කුමක් සිදුවේද?
ඔබ වෙත ඩොකියුවිස්හී අප විසින් මෙම කාර්ය සඳහා ජොබ් නම්බර් (Job number) නමැති අංකයක් ලබාදෙන අවස්තාව දක්වා ඔබ පැමිණ තිබේනම්, ඉන් අදහස් වන්නේ ,
ඔබ අපහට සඳහන් කල ව්‍යාපෘති අදහස ඔබ සමග ම විශ්ලේෂනාත්මක ලෙස සාකච්ඡා කොට, අප විසින් ව්‍යාපෘති යෝජනාව සම්පාධනය සඳහා ගිවිසුම්ගතවී තිබෙන අතර, අප විසින් අදාළ කොන්දේසි ඔබවෙත ඉදිරිපත්කරන ලදුව, ඒවාට ඔබගේ එකඟතාව පළකරමින් ඔබ ව්‍යාපෘති යෝජනා සම්පාධනය සඳහා 40%ක මූලික ගෙවීමක් ද සිදුකර ඇති බවයි. එම අවස්තාව වන විට, ඔබගේ තීරණවල කිසිඳු වෙනසක් කිරීමට අවකාශ නොපවතින අතර ඉන් පෙර ඊට අදාළ තීරණ සහ සංශෝධන සියල්ල පිළිබඳ මෙම කාර්යය සඳහා වන ගිවිසුම ප්‍රකාරව කොන්තරත්තුවේ සේව්‍ය සේවක දෙපාර්ශවය වන ඔබ සහ අප අතර සියලු එකඟතා සඳහා අවස්තාව ඇත.
03. මෙම කාර්යය සඳහා ඩොකියුවිස් වෙත ගෙවූ මුදල් ආපසු ගෙවීම සිදුවන අවස්ථා තිබේද?
අප සමග සේවා ගිවිසුමකට එළඹීමට පෙර ඔබවෙත ඉදිරිපත්කෙරෙන අපගේ සේවා ගිවිසුම ප්‍රකාරව, අප විසින් සපයන සේවාව ඔබවෙත නියමිත වෙලාවට පොරොන්දුවූ පරිදි ලබාදීමට ඩොකියුවිස්හී අප අපොහොසත්වන අවස්තාවකදී හැර, අන් කිසිඳු අවස්තාවක ඔබ විසින් අප වෙත ගෙවනලද කිසිඳු මුදලක් ඔබ වෙත ආපසු ගෙවීමක් සිදු නොවේ.
04. අධීක්ෂණ හා ඇගයීම් කටයුතු සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන ස්ථානයට ප්‍රවාහන සහ ප්‍රවේශ පහසුකම් ලබාදීමට සේවා යෝජකයාට හැකියාවක් නොමැති අවස්තාවක සිදුවන්නේ කුමක්ද?
ඔබගේ ව්‍යාපෘතිය ඉසවු හෝ යම් විශේෂ ක්‍රියාකාරකම් මත පදනම්ව ක්‍රියාත්මක වන්නේනම්, එහි කටයුතු සියල්ල වාර්තාකිරීම සඳහා වාර්තා සම්පාධක පාර්ශවයකගේ සේවා ඔබට ලබාගත හැක. එසේ පිළියෙළ කෙරෙන වාර්තා සහ අදාළ ඉසවුවල ශ්‍රව්‍ය ධ්‍රුෂ්‍ය පටිගතකිරීම් හුදෙක් අපගේ අධීක්ෂණ සහ ඇගයීම් කාර්යයේ භාවිතය සඳහා යොමුකිරීමේ හැකියාව ඔබ සතු ය. ඔබේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයට ආසන්න වාර්තාකාර පාර්ශව සමග ඔබව සම්බන්ධ කිරීමේ සහය ඔබට අපෙන් ලබාගත හැක.
05. අධීක්ෂණ සහ ඇගයීම් කටයුතු සඳහා පිරිවැය ගැන අදහසක් ලබාගත හැක්කේ කෙසේද?
ඔබගේ ව්‍යාපෘතියේ පරිමාව සහ ඔබ තෝරාගන්නා අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රමවේදය මත පිරිවැය තීරණය වේ. මෙම අධීක්ෂණ සහ ඇගයීම් සැලසුම් ඔබට අවැසි පරිදි සාකච්ඡා කොට වෙනස්කරගත හැක.
06. ඩොකියුවිස් මගින් සම්පාධනය කරන්නේ කුමන ආකාරයේ වාර්තා ද?
ප්‍රධාන වශයෙන් අප විසින් ව්‍යාපෘති සඳහා සමාප්ති සමාලෝචන වාර්තා සහ අතුරු වාර්තා සම්පාධනය කරනු ලබන අතර, විවිධ සංවිධාන හා ව්‍යාපාරික ආයතන සඳහා වාර්ෂික සමාලෝචන වාර්තා මෙන්ම පර්යේෂණ වාර්තා සම්පාධනය සිදුකෙරේ.
07. වාර්තා සම්පාධනය සඳහා සේවා යෝජක පාර්ශවයෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමන ආකාරයේ ලිපි ලේඛන ආදිය ද?
සම්පාධනයට නියමිත වාර්තාවේ ප්‍රමාණය සහ ස්වාභාවය අනුව අවශ්‍යවන ලිපි ලේඛන විවිධ වේ. එහිදී දක්ත සටහන්, අතුරු වාර්තා, රැස්වීම් වාර්තා ඇතුළු ලිකිත සාධක සහ සංවිධානයේ ලාංචන සහ වාර්තාවේ අන්තර්ගත විය යුතු පින්තුර වැනි දේ සැපයීම අවශ්‍ය වේ.
08. ඩොකියුවිස් වෙතින් සැපයෙන සෝදුපත් පිරික්සුම් සේවා මොනවාද?
සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාවලින් සෝදුපත් පිරික්සීම සහ සංස්කරණ සේවා අප විසින් සපයනු ලැබේ.
09. ලිපි ලේඛන පරිවර්තනය සිදුකරන්නේ කුමන අන්තර්ගතයක් පදනම් කොටගෙන ද?
පරිවර්තනය සඳහා යොමුකෙරෙන සියලු ම ආකාරයේ හා ප්‍රමාණයේ ලිපි ලේඛන සඳහා අයකිරීම් සිදුවන්නේ වචන ගණන මත පදනම්ව වන අතර, ගෙවීම් සඳහා සලකා බලන්නේ පරිවර්තිත ලේඛනයේ අඩංගු වචන ප්‍රමාණයයි.
10. විවිධ රූප මාධ්‍ය නිරුපන සහ රූප සටහන් සහිත ලිපි ලේඛන හෝ පවර්පොයින්ට් ඉදිරිපත්කිරීම්වල අන්තර්ගතය පරිවර්තනය කිරීමේ දී සලකාබලන කරුණු මොනවාද?
අදාළ ලිපි ලේඛනවල PDF ගොනු අප විසින් පෙර සලකාබැලීම් සඳහා බාරගන්නා නමුත්, ඒවායේ සංස්කරණය කිරීමේ හැකියාව ඇති මෘදු ගොනු හෝ අදාළ අන්තර්ගතයන් සමග යොදන රූපසටහන් ආදිය අපවෙත ලබාදීම මගින් තත්ත්වයෙන් උසස් පරිවර්තනයක් ඔබ වෙත ලබාදීමට අපට හැකියාව පවතියි.
11. ඩොකියුවිස් වෙත සපයන ලේඛනයේ රහස්‍යභාවය සහ සිදුවන සාකච්ඡාවන්හි අන්තර්ගතය ආරක්ෂා කරන්නේ කෙසේද?
ඔබගේ බුද්ධිමය දේපළ හිමිකමට හා පුද්ගලිකත්වයට අපි ගරු කරන්නෙමු. එබැවින් අප ජාත්‍යන්තර තත්ත්වයේ ආචාරධර්මවලට අනුකූලව අපගේ දත්ත සංරක්ෂණ ක්‍රමවේදය සකසා ඇත. අපි අන්තර් ජාල සංවාද සඳහා ආරක්ශිත මෘදුකාංග භාවිතා කරමු. එමෙන්ම ඔබ විසින් සපයන සියලු තොරතුරු ආදිය අදාල කටයුතු නිමවීමෙන් පසු මකාදැමේ. ඊට අමතරව, ඔබ විසින් යම් මුද්‍රිත ලේඛන අප වෙත ලබා දී ඇත්නම්, ඔබේ අභිමත පරිදි නැවත ඔබ සතු කරගැනීමට හෝ ආරක්ෂා සහිතව බැහැර කිරීමට හෝ අපි අවකාශය සලසන්නෙමු.
12. වෙබ් අඩවි නිර්මාණය සඳහා, අප පාර්ශවයෙන් අපේක්ෂා කරන ලිපි ලේඛන මොනවාද?
ඔබට දෙ ආකාරයකට මේ සඳහා යොමු විය හැකිය.
1. වෙබ් අඩවිය සඳහා සියලු අන්තර්ගත සහ ඩොමේන් හොස්ටින් පහසුකම් ඔබ විසින් ම සකසාගෙන, වෙබ් අඩවිය නිර්මාණය සඳහා අවශ්‍ය ප්‍රවේශ පහසුකම් පමණක් අප වෙත ලබා දීම.
2. ඔබ විසින් අදාල විස්තර, දත්ත හා ලාංඡන ආදිය සැපයූ පසු, සුදුසු ඩොමේන් හා හොස්ඨින් පහසුකම් අප විසින් සපයාගෙන අන්තර්ගතය ද අප විසින් සැකසීම.

- +94 777 030 131
- +94 713 332 604
ඔබගේ සාර්ථකත්වයේ කතාව අපි ලියමු
වැඩිදුර විමසීම් සඳහා අමතන්න